Thursday, November 11, 2010

e-ඇසකින් පරිසරය දකිමු.

Dehan Vithana [+94714470384]
dehan.vithana@yahoo.com


"ශ්‍රේෂ්ඨ රජතුමනි, අහසෙහි පියා සරන සියොතුන්ටත් පොළොවෙහි සිවුපාවුන්ටත් ඔබට මෙන් ම මේ පොළව මත ජීවත් වීමට ත් ඕනෑම දෙසක සැරිසරන්නටත් සමාන අයිතියක් ඇත. මේ පොළොව එහි වෙසෙන සියලු මිනිසුන්ටත් අනෙක් සියලුම ජීවීන් හටත් අයිතිය. ඔබ එහි භාරකාරයා පමණි." මේ මිහිඳු මහ රහතන් විසින් දේවානම්පියතිස්ස රජුට දේශනා කරනු ලැබූ වදන් පෙළකි.

මෙලෙස බුදු දහම මත පදනම්ව ගොඩනැගුණු ලාංකික ශිෂ්ටාචාරය අතීතයේදී සැබැවින්ම පරිසර හිතකාමී වූවක් විය. වැව,දාගැබ,පන්සල කේන්ද්‍ර කර ගත් ජීවන රටාව පරිසරය සමතුලිතතාවය හා හොඳින් ගැලපුනි. නමුත් කාර්මිකකරණය පදනම් කර ගත් වර්තමාන ලාංකික සමාජ රටාව පරිසරයේ සමතුලිත පැවැත්මට තවදුරටත් හිතකාමී වූවක් නොවේ. මේ වන විට සංවර්ධනය සඳහා ගෙන යනු ලබන නොයෙකුත් ක්‍රියාකාරකම් පරිසරයේ යහ පැවැත්මට අනේක විධ තර්ජන එල්ල කර ඇත. එය පෙරලා සංවර්ධනය ක්‍රියාදාමයටම අභියෝගයක් වී ඇත. මේ නිසා සංවර්ධන ඉලක්කයන් සපුරා ගන්නා අතරම පරිසරයේ සමතුලිතතාවය ආරක්ෂා කිරීමේ අවශ්‍යතාවය අද ඉස්මතු වෙමින් පවතී. මෙලෙස පරිසරයේ සමතුලිතතාවය රැකීමට හා එය කළමනාකරණයට ඔබින එක් මෙවලමක් ලෙස තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයට අද අවධානය යොමු වී ඇත. මෙම තාක්ෂණය පරිසරය සංහාරය කිරීම වෙනුවට එය සුරැකීමට දායක වන මාධ්‍යයක් ලෙස අද බොහෝ පරිසර හිතකාමීන්ගේ අවධානයට යොමු වෙමින් පවති.

මේ අනුව අද ලංකාවේ ද පාරිසරික කටයුතුවලට සම්බන්ධ රාජ්‍ය මෙන්ම රාජ්‍ය නොවන සංවිධාන කීපයක්ම තොරතුරු සන්නිවේදන තාක්ෂණික මෙවලම් සිය කටයුතු සඳහා යොදා ගැනීමට යොමු වී තිබේ. පරිසරයේ සමතුලිතතාව පවත්වා ගැනීම සඳහා මෙම මෙවලම් යොදා ගන්නා ආකරය ආයතනයෙන් ආයතනයට වෙනස් වේ. මෙයින් එක් පාර්ශවයක් ඵලදායි පාරිසරික කළමනාකරණයක් සඳහා තොරතුරු ජාල සහ දත්ත සමුදායක් ගොඩ නැගීමට කැප වෙයි. තවත් කොටසක් ශක්තිමත් පාරිසරික දැනුමක් ගොඩ නැගීමටත් පරිසරය සම්බන්ධ තොරතුරු හුවමාරු කර ගැනීමටත් අන්තර්ජාලය හා විද්‍යුත් තැපෑල වැනි තාක්ෂණයන් යොදා ගනිමින් සිටී. මෙහිදී පරිසරයේ සමබර පැවැත්මට මෙලෙස තොරතුරු සන්නිවේදන තාක්ෂණික උපාංගයන් යොදා ගත් කැපී පෙනෙන අවස්ථා හා ආයතන කිහිපයක් වෙත අපගේ අවධානය යොමු කරමු.

භූගෝලීය තොරතුරු ක්‍රමයෙන් මැවෙන පාරිසරික තොරතුරු

ලංකාව සම්බන්ධ වැදගත් පාරිසරික තොරතුරු රාශියක්ම විධිමත්ව එක් රැස් කිරීම පහසු කළ මෙවලමක් ලෙස භූගෝලීය තොරතුරු ක්‍රමය [Geographical Information System(GIS)] හඳුන්වන්න පුළුවන්. දැනට ලංකාවේ මෙම තාක්ෂණය භාවිතා කරන පරිසරයට සම්බන්ධ ආයතන අතුරින් ශ්‍රී ලංකා වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුව ප්‍රමුඛ වූවකි. මෙහි මෙම තාක්ෂණය භාවිතයට පැමිණියේ 1990 වර්ෂය තුළයි. ආරම්භයේදී මෙම තාක්ෂණය යොදා ගැනීමෙන් අපේක්ෂා කළේ ලංකාවේ ස්වභාවික හා රෝපණය කරන ලද වනාන්තර පිළිබඳ සිතියම් කොට ඒවා වනාන්තර පිළිබඳ ජාතික භූගෝලීය තොරතුරු ක්‍රමයක් සඳහා පදනම් කර ගැනීමයි. මේ අනුව වන සංරක්ෂණයට අවශ්‍ය තොරතුරු රාශියක්ම මෙම ක්‍රමය හරහා එක් රැස් කිරීමට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී ඇත. වනාන්තරවල ආරක්ෂිත සීමාවන්,වර්ෂාපතනය,උෂ්ණත්වය,වන ආරක්ෂිතයන් වැනි අංශ පිළිබඳ තොරතුරු රැසක් මෙමගින් රැස් කොට ඇත.

භූගෝලීය තොරතුරු ක්‍රමය මගින් නිම වෙන සිතියම් සඳහා අවශ්‍ය ප්‍රධාන තොරතුරු සපයනු ලබන්නේ චන්ද්‍රිකා ජායාරූප හරහා යි. මේවා Lansat Thematic mapper Satellite Imagesලෙස හඳුන්වයි. මෙසේ ලබා ගන්නා ජායාරූප වනාන්තර පිළිබඳ ඩිජිටල් සිතියම් ලෙස පරිගණකයට ඇතුළත් කිරීම සිදුවන්නේ ERDAS යන රූප සකසන [Image Proccesing] මෘදුකාංගය හරහායි. මෙලෙස ගොඩ නැගෙන ඩිජිටල් සිතියම් හරහා වනාන්තර සම්බන්ධ වැදගත් තොරතුරු රාශියක් ම පහසුවෙන් අනාවරණය කර ගැනීමේ හැකියාව ලැබී ඇත. මේ අනුව 1992 සිට 1998 දක්වා ගත් Lansat TM යන ජායාරූප හරහා හබරණ ප්‍රදේශයේ තෝරා ගත් ප්‍රදේශයක් තුළ වන විනාශය කොපමණ මට්ටමින් සිදු වී තිබේ දැයි සොයා ගැනීමට හැකි වී තිබේ. මෙය Lansat TM තාක්ෂණය සහ භූගෝලීය තොරතුරු ක්‍රමය ඒකාබද්ධතාවයෙන් භාවිතා කිරීමෙන් වන විනාශය පිළිබඳ වැදගත් තොරතුරු අනාවරණය කළ එක් අවස්ථාවකි.

මීට අමතරව භූගෝලීය තොරතුරු ක්‍රමය භාවිතයෙන් සිදු කරන ව්‍යාපෘති කිහිපයක්ම වන සංරක්ෂණ දෙපාර්තමෙන්තුවේ ක්‍රියාත්මක වේ. නකල්ස් කඳු වැටියේ නිවර්තන වනාන්තර සංරක්ෂණය,සැලසුම්කරණය සහ කළමනාකරණය සහ ගෘහ උද්‍යාන ප්‍රදේශ ප්‍රමාණය ඇසිතමේන්තු කිරීම සඳහා Lansat TM දත්ත භාවිතය මේ අතර කිහිපයක් පමණි.

භූගෝලීය තොරතුරු ක්‍රමය භාවිතයට ගන්නා තවත් ප්‍රධාන රාජ්‍ය ආයතනයක් වන්නේ ශ්‍රී ලංකා මිනින්දෝරු දෙපාර්තමෙන්තුවයි. මෙම තාක්ෂණය මෙම ආයතනය තුළ භාවිතයට පැමිණියේ 1999 වසරේ සිටයි. භූගෝලීය තොරතුරු ක්‍රමයෙන් ගොඩ නගා ඇති මෙහි දත්ත සමුදායට ඇතුළත් ශ්‍රී ලංකාවේ ඩිජිටල් සිතියම් ප්‍රධාන පත්‍රිකා [Sheets] 92 කට වෙන් කර ඇත. එමෙන්ම මෙම එක් එක් කොටසක් තුළ ප්‍රවාහන ස්ථාන,ජල මාර්ග,ගොඩනැගිලි සහ පරිපාලන යන ස්ථර[Layers] පහ ඇතුළත්ව ඇත. මේ හැරුණු විට "ඉඩම් භාවිතය" යන නව ස්ථරයක් සඳහා අවශ්‍ය තොරතුරු ද මෙහි දී තවම එක් රැස් කරමින් පවතී. පරිසරයේ සමතුලිතතාවය රැකෙන අයුරින් එය කළමනාකරණයට අවශ්‍ය තොරතුරු මෙම ස්ථර තුළ ඇතුළත් වී තිබේ. ඉඩම් භාවිතය, භූමි රටාවන්[Terrain Patterns] පිළිබඳ ඇති දත්තයන් කෘෂිකාර්මික දෙපාර්තමෙන්තුවේ කටයුතුවලදී ඉහළ පාංශු ඛාදනයක් ඇති ප්‍රදේශ හඳුනා ගැනීමට ඉවහල් වීම මෙවන් අවස්ථාවකි.

මේ හැරුණු විට මෙම දත්ත සමුදායේ තොරතුරු භාවිතයට ගන්නා ලංකා විදුලි බල මණ්ඩලය,නාගරික සංවර්ධන අධිකාරිය,ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි ආයතනවලට සිය සංවර්ධන කටයුතු පරිසරයට හිතකාමී අයුරින් කිරීමට  එම දත්තයන් මගින් හොඳ පිටිවහලක් ලැබිය හැකි වීම ද මෙහි ඇති තවත් වැදගත් කමකි.

පාරිසරික තොරතුරු හසුරුවන පරිගණකය

පරිසරය යනු විශාල තොරතුරු ප්‍රමාණයක් තිබෙන පද්ධතියක්. මේ නිසා පරිසරය සංරක්ෂණයට හා කළමනාකරණයට යාමට පෙර ඊට අදාළ තොරතුරු හොඳින් දැන ගන්න, ඒවා ක්‍රමවත්ව හැසිරවීම අවශ්‍යයි. මෙහිදී තොරතුරු සන්නිවේදන තාක්ෂණයේ ප්‍රබලම මෙවලමක් වන පරිගණකයෙන් ලැබෙන්නේ අනගි පිටිවහලකි. මේ නිසා පරිසරය සම්බන්ධව කටයුතු කරන සංවිධාන බොහොමයක්ම තමන්ට ලැබෙන විශාල තොරතුරු ප්‍රමාණය විධිමත්ව හැසිරීමට පරිගණකය භාවිත කීරීම දැන් බොහෝ දුරට සිදුවන්නක්. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් FORDATA නමින් සුවිශේෂ දත්ත සමුදායක් පවත්වාගෙන යාම මෙවැන්නකට එක් නිදසුනක්. මේ හරහා සිදු වන්නේ වන වගාවන් කළමනාකරණයට අවශ්‍ය කටයුතු කිරීමට මෙම දත්ත සමුදාය යොදා ගැනීමයි.

පරිගණකයෙන් සිදුකෙරෙන මෙම දත්ත සංවිධානය වඩාත් ප්රයෝජනවත් වන්නේ පරිසරය පිළිබඳ පර්යේෂණයන්වලදීජාත්යන්තර ජල කළමනාකරණ ආයතන[International Water Management Institute] මෙලෙස සිය පර්යේෂණ තොරතුරු විධිමත්ව සංවිධානය කිරීමට පරිගණකය භාවිතා කරන එක් ආයතනයකිවිවිධ ජලාශ හා ජල මාර්ග පිළිබඳ පර්යේෂණයන් සිදු කිරීම මෙම ආයතනයේ ප්රධාන කටයුත්තකිවලවේ ගඟේ ජලය මුහුදට යාමට පෙර එම ජලය ගොවිතැන් කටයුතු සඳහා ප්රයෝජනයට ගැනීම පිඅළිබඳව කරන මෙවන් එක් මෑත කාලීන පර්යේෂණයකිමෙම පර්යේෂණ තොරතුරු JAVA,RDMS,Oracle වැනි තාක්ෂණයන් හරහා සංවිධානය වීම  මෙම ආයතනයේ දී සිදු වේමෙසේ දත්ත සමුදායක් ලෙස සංවිධානය වන තොරතුරු සිය වෙබ් අඩවිය හරහා මෙමගින් ප්රකාශයට  පත් කරයිමේ නිසා මෙම පර්යේෂණ තොරතුරු පිළබඳ උනන්දුව දක්වන්නෙකුට සිය පාරිසරික දැනුම පුළුල් කර ගැනීමට අනගි පිටිවහලක් මෙයින් ලැබේමෙහි දී අවධානය යොමු කළ යුතු කරුණක් වන්නේ පරිසරය පිළිබඳ තොරතුරු පැහැදිලිව සන්නිවේදනය කිරීමට ඒවා හොඳින් සංවිධානය කිරීමට පරිගණකයෙන් ලැබෙන පිටිවහල පිළිබඳවයි.

පරිසරය ගැන දැනුම බෙදන අන්තර්ජාලය

පාරිසරික සමතුලිතතාවය රැක ගැනීමට සමාජයේ විවිධ කොටස් යොමු කිරීමට ඔවුන් අතර හොඳ දැනුමක් ඒ පිළිබඳ ගොඩ නැගිය යුතු වේ. මේ  සඳහා විවිධ පරිසර ක්‍රියාකාරිකයින් හා සංවිධාන භාවිතා කරන එක් තොරතුරු සන්නිවේදන තාක්ෂණික මෙවලමක් ලෙස අන්තර්ජාලය හඳුන්වන්න පුළුවන්. මේ අනුව ලංකාවේ මේ වන විට විවිධ පාරිසරික තොරතුරු ඇතුළත් වෙබ් අඩවි කිහිපයක්ම බිහි වී තිබේ. මෙහි දී අපි මෙයින් කැපී පෙනෙන කිහිපයකට පමණක් අවධානය යොමු කරමු.

ලංකාවේ පාරිසරික සම්බන්ධයෙන්  ඇති තොරතුරු අන්තර්ජාලයට ප්‍රථමයෙන්ම ප්‍රවේශ වුණේ මුල්ම සිංහල අන්තර්ජාල වාරික ප්‍රකාශනය ලෙස් සැලකිය හැකි මානව සඟරාව තුළින්. මෙය සිදු වූයේ ලංකාවේ වාණිජ මට්ටමින් අන්තර්ජාලය හඳුන්වා දුන් මුල් යුගයේ දීම (1996) වීම විශේෂත්වයකි. ජෛව විද්‍යාත්මක සොබා සම්පත් හා පාරිසරික ප්‍රශ්න නිවැරදි තොරතුරු මානව සඟරාව තුළින් ලබා ගත හැක.

පරිසරය සම්බන්ධ තවත් වැදගත් වෙබ් අඩවියක් පවත්වා ගෙන යන සංවිධානයක් ලෙස Green Lanka Nature Conservation Association දැක්විය හැක. මෙම අඩවිය තුළ පාරිසරික අධ්‍යාපනය, නැවත වනාන්තර බිහි කිරීමේ ක්‍රියාකාරකම්, සමාජ සංවර්ධනය වැනි සිය සංවිධානයේ ව්‍යාපෘති ගණනාවක් පිළිබඳ තොරතුරු දක්වයි. 
Mr. Piyal Parakrama
 





ලංකාවේ ජෛව විවිධත්වය පිළිබඳ පර්යේෂණයන්හී නියැලෙන පෞද්ගලික සංවිධානයක් වන ශ්‍රී ලංකා වන ජීවී උරුම භාරය ද[Wild life Heritage Trust of Sri Lanka] විසින්ද පාරිසරික තොරතුරු ඇතුළත් වෙබ් අඩවියක් පවත්වා ගෙන යනු ලබයි. ලංකාවේ උරගයන්,මිරිදිය කකුළුවන්,ක්ෂීරපායින්,මත්ස්‍යයන්,උභය ජීවීන් පිළිබඳ දශකයකට වැඩි කාලයක් මෙම ආයතනය මගින් කර ඇති පර්යේෂණ පිළිබඳ අගනා තොරතුරු මෙම වෙබ් අඩවියට ඇතුළත් කර ඇත. එමෙන්ම මෙවැනි පර්යේෂණවල ප්‍රතිඵල අඩංගු ග්‍රන්ථ පිළිබඳ තොරතුරු ද මේවායෙන් ලබා ගත හැක. ඊට අමතරව මෑතකදී ආරම්භ කළ කාළගුණ විපර්යාස හා අනුවර්තනයන්[Climate change & adaptation] පිළිබඳව ජනතාව දැනුවත් කරන UN වෙබ් අඩවියෙන් ද ශ්‍රී ලංකාවේ මෙන්ම අනෙක් රටවල ද වත්මන් පාරිසරික තත්ව පිළිබඳ දැනුවත් විය හැක.


පාරිසරික ක්‍රියාකාරකම්වල දී විධිමත් තොරතුරු සන්නිවේදනයක් පවත්වා ගැනීම ද ඉතා වැදගත් කරුණකි. මේ සඳහා දුරකථන,ෆැක්ස් වැනි තාක්ෂණික මෙවලම් මෙන්ම විද්‍යුත් තැපෑල වැනි තොරතුරු තාක්ෂණික මාධ්‍යයන් ද හොඳ පිටිවහලක් මේ වන විට සපයා ඇත. මීට ඇති අගනා ලාංකීය නිදසුනක් නම් පාරිසරික පදනම [The Environmental Foundation] නැමැති සංවිධානයයි. මෙම සංවිධානය විසින් ලංකාවේ පරිසරය සුරැකීම සඳහා ගෙන ගිය සටන්වල දී අවශ්‍ය තොරතුරු සන්නිවේදනය සඳහා විද්‍යුත් තැපෑල භාවිතා කිරීමට යොමු වුණේ එම තාක්ෂණය ලංකාවේ හරි හැටි ප්‍රචලිත වීමටත් පේරය. ලංකාවේ පරිසරයට අහිතකර වූ ක්‍රියාකාරකම්  රැසක දී මෙම සංවිධානය විසින් පැන වූ නඩු කටයුතු සඳහා වෙනත් රටවල අත්දැකීම් හුවමාරු කර ගැනීම සඳහා ඔවුන් භාවිතා කළ ප්‍රධාන සන්නිවේදන මෙවලම වූයේ විද්‍යුත් තැපෑලයි. 1992 සිට මෙම සංවිධානය මගින් පරිසර දූෂණයන් සම්බන්ධව පැන වූ නඩුවලින් 80%ක් සඳහාම වෙනත් රටවල් හා සන්නිවේදන කටයුතු සඳහා භාවිතා කොට ඇත්තේ විද්‍යුත් තැපෑලයි.


Tuesday, November 9, 2010

ඉලෙක්ට්‍රොනික රාජ්‍ය පාලනය

Dehan Vithana [+94714470384]
dehan.vithana@yahoo.com



ආණ්ඩුවේ තොරතුරු හා සේවාවන් මහජනයා වෙත ඉලෙක්ට්‍රොනික මාදලියෙන් සම්ප්‍රේෂණය කිරීම ඉලෙක්ට්‍රොන්ක රාජ්‍ය පාලනයයි[e- government]. රජයේ ආයතන සතුව වෙබ් අඩවි තිබූ පමණින් එතැන e- government නැත. එය අන්තර්ජාලය හරහා සේවා සැපයීම පමණක් ද නොව. මහජනයා ආණ්ඩුවේ නිළධාරීන් සමග සම්බන්ධ වීම පමණක් හෝ විද්‍යුත් මුදල් පරිහරණයකින් පමණක් e- government ලෙස හඳුන්වන්නට බැරිය. e- government යනු මේ සියල්ලේම එකතුව පමණක් ද නොවේ. මේ සියල්ල සමඟින් මහජනයා  රජය සමග ප්‍රතිපත්ති සෑදීම,නීති සෑදීම යනාදියෙන් තම අදහස් හුවමාරු කර ගත යුතු ය. අනතුරුව අලුත් සම්ප්‍රදායක් බිහි වේ. මහජනයා දැන් තමන්ගේ ඕනෑ එපාකම් කථා කරන්නේ ආණ්ඩුවේ ජීවමාන නිළධරීන් සමග නොවේ. මහජනයා දැන් ආණ්ඩුවේ කන්තෝරුවල රස්තියාදු වන්නේ නැත. කාර්යාල හා මහජනයා ඉතා සක්‍රීයව එකිනෙක සමග සම්බන්ධ වී කටයුතු කරයි. මේ තිබෙන්නේ e- government හෙවත් ඉලෙක්ට්‍රොනික  රාජ්‍ය පාලනයයි.

E- ආණ්ඩුවක පුරවැසියන් රජයේ නිවේදන,ලේඛන,බදුගෙවීම්,බලපත්‍ර අලුත් කිරීම් යනාදී සේවයක්ම ලබා ගන්මින් ආණ්ඩුවට සම්බන්ධ වන්නේ අන්තර්ජාලයෙනි. E-ආණ්ඩුවක සම්බන්ධතා මාදලි 3කි.

ආණ්ඩුවෙන් පුරවැසියාට [Government to Citizen] ලැබෙන්න යනුවෙන් කියන්නේ මහජන‍යාට සවන් දෙමින්, සේවා සපයමින් රාජ්‍ය පාලනය සවිමත් කිරීමට කළ හැකි දේය. මහජනයාට කෙලින්ම සම්බන්ධ පුද්ගලික කාරණා එනම් සහතික පත්‍ර නිකුත් කිරීම, ගමන් බලපත්‍ර, රියදුරු බලපත්‍ර නිකුත් කිරීම, බිල් හා ලදුපත් පිළිබඳ කටයුතු සදහා ඉලෙක්ට්‍රොනික පිළිවෙලක් සැකසීම මෙහි එක් අංගයකි. මෙවිට ඉලෙක්ට්‍රොනික පුරවැසියෙක් [e-citizen]බිහිව සිටී. මෙවිට ඉලෙක්ට්‍රොනික පුරවැසියා සම්බන්ධයෙන් විද්‍යුත් වෛද්‍ය සේවා [e-medicine], විද්‍යුත් අධ්‍යාපනය [e-education], විද්‍යුත් වාණිජ්‍යය [e-commerce] යනාදිය බිහිවේ. 

පුරවැසියාගෙන් ආණ්ඩුවට ලැබෙන දේවල්වල්දී [Citizen to government]  ඉලෙක්ට්‍රොනික ආණ්ඩුව වැදගත් මෙහෙයක් ඉටු කරයි. මැතිවරණයකදී අන්තර්ජාලය හරහා ජන්දය දෙන විද්‍යුත් පුරවැසියා, අත් විඳින්නේ ඉලෙක්ට්‍රොනික ප්‍රජාතන්ත්‍රවාදයයි [e-democracy]. ප්‍රතිපත්ති තැනීමට තමන්ගේ අදහස් බළධාරීන් වෙත විද්‍යුත් තැපෑලෙන් යවන ඔහු එම අදහස් පිළිබඳව විද්‍යුත් සංවාදයකට [e-debate] එළඹෙයි.

පුරවැසියා හා ආණ්ඩුව අතර සම්බන්ධකම්වලට අමතර් වශයෙන් ආණ්ඩුවේ ආයතන අතර සම්බන්ධය [] ගොඩ නංවා ගන්නට ද E-ආණ්ඩුව කටයුතු කරයි. අමාත්‍යාංශ හා දෙපාර්තමෙන්තු එකිනෙකට සම්බන්ධ කරමින් මධ්‍යගත ඉලෙක්ට්‍රොනික මහ ලේකම් කාර්යාලයක් [] බිහි කිරීමෙන් සයිබර් අවකාශය තුළ දී ඕනෑම ආණ්ඩුවේ කාර්යාලයකට ගොඩ වී තොරතුරු සොයා ගන්නට කාටත් පුළුවන.

රටේ අපරාධකරුවන් සොයා ගන්නට කාටත් හැකි වන සේ අපරාධ පිළිබඳව කටයුතු මෙහෙය වන සියළු ආයතන සිය තොරතුරු සයිබර් අවකාශයට එක් කොට ඉලෙක්ට්‍රොනික පොලීසියක් [e-police] නිර්මාණය කර ඇත. මේ E-පොලීසියට ගොඩ වන E-පුරවැසියාට තමාට අවශ්‍ය ඕනෑම කෙනෙකුගේ නම යතුරුකරණය [type] කළ සැනින් අවශ්‍ය තැනත්තාගේ අපරාධ පෙන්වයි. අහිංසකයෙක් නම් ඒ බව ද කියයි.

මේ අයුරින් සියළු ආයතන මධ්‍යගත ඉලෙක්ට්‍රොනික ජාලයකට සම්බන්ධ කිරීමෙන් රජය පිළිබඳ තොරතුරු ජාලයක් හෙවත් රාජ්‍ය ව්‍යාප්ත තොරතුරු ජාලයක් [State wide network] බිහි වේ. එහෙයින් යම් රටක් තමන්ට මෙවැනි තොරතුරු ජාලයක් තිබේ යැයි නිවේදනය කළ දා පටන් ඒ රාජ්‍ය E-ආණ්ඩුවකින් පණ ලබන රාජ්‍යයක් බව ලෝකයා පිළි ගනී.

Thursday, November 4, 2010

දස INTERNET ධර්ම

Dehan Vithana [+94714470384]
dehan.vithana@yahoo.com




1. විද්‍යුත් තැපෑල[E-mail] හා අන්තර්ජාලය[Internet] හා සම්බන්ධ දුරකතන මගින් ලෝකයේ තිබෙන මොන ක්‍රමයටත් වඩා ඉක්මනින් ඕනෑම කෙනෙකු සමග සම්බන්ධ වීමේ පහසුව තිබේ.

ලියවිල්ලක් වේවා, ජායාරූපයක් හෝ වීඩියෝ පටයක් එකක් වේවා මේ හැම දෙයක්ම ලෝකයේ ඕනෑම තැනකට යවන්නට විද්‍යුත් තැපෑල යොදා ගැනීමේ පහසුව අලුතින් උපන් පරම්පරාවට ලැබී ඇත.




2. තමන්ගේ ලියවිල්ලක් අන්තර්ජාලය තුළ තිබෙන වෙබ් අඩවියක් හරහා ප්‍රසිද්ධ කරන්නට ඕනෑමඅයෙකුට පුලුවන. මෙහි තේරුම ඕනෑම අයෙකුට ප්‍රකාශකයෙකු හෝ ලේඛකයෙකු වීමේ අවස්ථාව අන්තර්ජාලය නිසා ලැබී ඇති බවය.

දිනපතා තමන්ගේ අදහස් ලිය පල කරන පුවත්පත් කර්තෘවරයෙකුට මෙන් ඕනෑම කෙනෙකුට තමන්ගේ අදහස් අන්තර්ජාලය හරහා පළ කිරීමේ ක්‍රමයක් තිබේ. ඒ බ්ලොග් රචකයෙකු[Blogger] වීමය. අනෙක් අතට පෞද්ගලික වෙබ් අඩවියක් පවත්වාගෙන යන්නෙකුට තමන්ගේ ලේඛන,ජායාරූප හා චිත්‍ර පමණක් නොව අන්අයගේ ඒවා ද ප්‍රකාශයට පත් කරන්නට පුලුවන.


3. තොරතුරු සොයා ගැනීමේ සරලම ක්‍රමය හෙවත් Search කිරීම දන්නා මොන තරාතිරමක කෙනෙකුට වුවත් අවශ්‍ය තොරතුරු අන්තර්ජාලය තුළින් උකහා ගත හැක.

අහවල් රටේ ජනගහනය කොපමණද? අහවල් නගරය තිබෙන්නේ මොන රටේ ද? ලෝකයේ හොදම චිත්‍රපටය,නවකථාව මොකක්ද? මේ ආදී තොරතුරු සොයා ගන්නට අන්තර්ජාලය හැර වෙනත් මගක් ගැන කල්පනා කරන්න. ඔබට පුස්තකාල කීයක රස්තියාදු වෙන්නට සිදුවේවි ද? විශ්ව කෝෂ කීයක් පෙරළා බලමින් රස්තියාදු වෙන්නට සිදුවේවිද? ඒත් අන්තිම ප්‍රතිඵලය විදියට හරිම දේ ලැබේදැයි කියා සහතිකයක් ද නැත.

එසේ වුවත් අන්තර්ජාලය සම්බන්ධය ඇති පරිගණකයක් ඉදිරිපිට ඔබ සිටින්නේ නම් මේ ප්‍රශ්න සැනෙකින් විසදේ. ඔබට ඇත්තේ ඔබේ ප්‍රශ්න සියල්ලම ගැනම Searchදමා තත්පර කීපයක් බලා සිටීම‍ය. මෙන්න! දැන් ප්‍රශ්න සියල්ලටම උත්තර ලැබී තිබේ. එක් මූලාශ්‍රයකින් නොව මූලාශ්‍ර ගණනාවකින් ලැබෙන මේ උත්තර එක් පොතක් බලා සොයාගන්නා උත්තරයට වඩා නිවැරදිය. අන්තර්ජාලය නැති කාලයේ සිටි පරම්පරාවට මේ පහසුව තිබුණේ නැත.


4. ලෝකයේ ඕනෑම රටක මේ දැන් සිදුවෙන්නේ කුමක්දැයි කියවෙන ප්‍රවෘත්ති ලබා ගන්නට අන්තර්ජාලය තරම් හොද වෙනත් මගක් නැත.

රූපවාහිනියෙන් හෝ ගුවන් විදුලි යන්ත්‍රයෙන් ප්‍රවෘත්ති අසන්නට වන්නේ ඒ ඒ ආයතනවල බලධාරීන් තීරණය කරන වේලාවට අපේ වැඩ අතහැර දමා ඒවා අසන්නට ලක ලෑස්ති වීමෙනි.
අන්තර්ජාලය එන්නට කලින් තිබූ මේ තත්වය දැන් නැතිව ගොසිණි. විනාඩියෙන් විනාඩියට අලුත් කෙරෙන ප්‍රවෘත්ති සේවා අන්තර්ජාලයේ තිබේ. BBC වේවා, CNN වේවා, රොයිටර්ස් හෝ ප්‍රංශ පුවත් සේවය වේවා, මේ හැම ප්‍රවෘත්ති සේවයක්ම අන්තර්ජාල ප්‍රවෘත්ති සේවා පවත්වා ගෙන යයි. මීට අමතරව ලෝකයේ හැම රටකම පහේ පුවත්පත් අන්තර්ජාල සංස්කරණ පවත්වාගෙන යන නිසා ඒවා නිවසට හෝ පුස්තකාලයට එන තෙක් බලා සිටීමේ පරණ සම්ප්‍රදාය අන්තර්ජාලය නිසා නැතිවී ගොසිනි.


5. ඔබගේ මිතුරෙකුගේ හෝ වෙනත් අවශ්‍ය කෙනෙකු සිටිනා තැන සොයා ගන්නට පහසුම තැන බවට දැන් අන්තර්ජාලය පත්ව තිබේ.

ඔබට දැන් සම්බන්ධකම් නැති මිතුරෙක් සිටින්නේ කොහිදැයි ආරංචි කොට බලන්නට කළ යුත්තේ ඔහුගේ නම හා විස්තර ටිකක් යොදා Search කිරීම පමණි. හේ අන්තර්ජාලය භාවිතා කරන්නෙක් නම් කොහෙත්ම ඔබට මග හැරෙන්නේ නැත.සමහරවිට අවුරුදු ගණනාවක් කිසි හෝඩුවාවක් නැතිව සිටි මිතුරෙකුගේ පෞද්ගලික වෙබ් අඩවියම ඔබට හමු වන්නට ඉඩ තිබේ.


6. ඔබට තිබෙන ලොකුම ප්‍රශ්නය තමන්ට තිබෙන යම් රෝගයක් ගැන වෛද්‍යවරයා ලබා දෙන තොරතුරු සෑහෙන්නේ නැතිකම නම් දැන් තැවෙන්නට ඕනකමක් නැත. ඔබේ රෝගය ගැන ඕනෑතරම් දේ අන්තර්ජාලය තුළ තිබේ.
ඇමරිකාවේ මායෝක්ලිනික් [Mayoclinic] ආයතනය ලෝකයේ ඇති හොදම රෝහලකි. මේ රෝහල රෝගීන්ගේ ප්‍රශ්නවලට උත්තර දීමේ වැඩසටහනක් අන්තර්ජාලය හරහා පවත්වාගෙන යයි.[Virtual Hospital]  එවැනි තවත් විශ්වාසනීය සේවා ඕනෑ තරම් තිබේ.

මේ සේවය ලබා ගැනීමේ හැකියාව අන්තර්ජාලය එන්නට කලින් ලෝකයාට තිබුණේ නැත. තම රෝග පීඩා ගැන විතරක් නොව තමන්ගේ වාහනයේ දෝෂ ගැන නිෂ්පාදකයාගෙන්ම තොරතුරු ලබා ගන්නට පුලුවන. ගෙදර දොර විදුලි උපකරණ ගැන වුවත් එසේමය.

මේ සේවය ලබා ගැනීමේ හැකියාව අන්තර්ජාලය එන්නට කලින් ලෝකයාට තිබුණේ නැත. තම රෝග පීඩා ගැන විතරක් නොව තමන්ගේ වාහනයේ දෝෂ ගැන නිෂ්පාදකයාගෙන්ම තොරතුරු ලබා ගන්නට පුලුවන. ගෙදර දොර විදුලි උපකරණ ගැන වුවත් එසේමය.


7. සංගීත රසාස්වාදය,චිත්‍රපට නැරඹීම හෝ වීඩියෝ ක්‍රීඩා කිරීම හෝ යනාදී විනෝස්දාස්වාද වැඩවලට අන්තර්ජාලය හොදට උදව් කරයි.

අන්තර්ජාල රේඩි‍යෝ[Internet Radio] හෝ පෝඩ්කාසිටිං[Podcasting] මගින් ගුවන් විදුලියට සවන් දිය හැක. අන්තර්ජාලය තුළින් කැමති චිත්‍රපට හා ගීත M83 මාදිලියෙන් බාගත හැක.[Download] වීඩියෝ ක්‍රීඩා මෙන්ම ජංගම දුරකතන‍යට Ringtones වුවත් අන්තර්ජාලයෙන් පහසුවෙන් ලබා ගත හැක. මේ අන්තර්ජාලය එන්නට කලින් පරම්පරාව අත් නොවිදි අත්දැකීමකි.


8.වෙළද පොළට නොගොස්, වෙළද නියොජිතයන් හමු නොවී තමන්ට ඕනෑ කරන භාණ්ඩ ගෙදරටම ගෙන්වා ගැනීමේ පහසුව අන්තර්ජාලය නිසා ලැබී තිබේ.

මෙසේ පොත්පත් ගෙන්වා ගන්නට ඕනෑ නම් ඇමේසන්[Amazon] වෙබ් අඩවිය හෝ බාන්ස් ඇන්ඩ් නොබෙල් වෙබ් අඩවියට[Barns & Noble] යා යුතුය. ඊ-බේ[e-Bay]වෙබ් අඩවියට ගියේ නම් කෞතුක භාණ්ඩවල පටන් සැමන් ටින් එකක් දක්වා ඕනෑම දෙයක් සොයා ගන්නට පුලුවන.



9. ලෝකයේ යම් රටක හෝ නගරයක සංචාරය කරන්නට කලින් ඒ තැන ගැන ජායරූප හෝ වීඩියෝ දර්ශන නරඹන්න පුලුවන් නම් ඒ සංචාරය වඩාත් අර්ථවත් වේවි.

ඔබ ඒ සංචාරයේ නොයෙදුනත් අන්තර්ජාලය තුළින් ඔබ කැමති නගරයේ හැටි පෙන්වන රමණීය ජායාරූප හා විස්තර බලා කියා ගන්නට පුලුවන.



10. බැංකුවක් විවෘත කරන හා වසන වේලාව අතරතුරේදී නොගොස් බැංකුවේ සේවය ලබා ගන්නට කලින් පුලුවන් වූයේ නැත. ඒ ද පෝලිම්වල රස්තියාදු වෙමිනි. එහෙත් අන්තර්ජාලය නිසා බැංකුව ඕනෑම වේලාවක ඔබේ දෙපා මුල විවෘතව තිබේ. පෝලිම් ද නැත.

Online Banking ක්‍රමය ලොව බොහෝ රටවල දැන් ක්‍රියත්මකය. උදේ පාන්දර හෝ වේවා ලෝකයේ ඕනෑම තැනක ඇති බැංකුවක් සමග අන්තර්ජාලය හරහා ගනුදෙනු කිරීමට, වතුර බිල්පත් ගෙවා දැමීමට මෙමගින් පහසුකම් ලැබී තිබේ.