Thursday, October 28, 2010

මොකක්ද මේ Social Capital කියන්නෙ?


Social Capital වල සංකල්පය තමයි සමාජය මූලික කරගෙන හොඳ සම්බන්ධතා ගොඩනගා ගැනීම සහ එම සම්බන්ධතා හොඳින් පවත්වා ගැනීමයි.මෙම සම්බන්ධතා ගොඩ නගා ගත යුත්තේ මූල්ය බලය මත නොවන අතර ප්‍රධාන විය යුතතේ එම පුද්ගලයන් අතර ඇති මිත්‍රත්වය හා විශ්වාසයයි.
Narayan and Pritchett (1997) විස්තර කරන අන්දමට මෙහි ප්‍රථිඵලය සඳහා යාන්ත්‍රණ පහක් බලපනවා.
එම යාන්ත්‍රණ පහ මෙසේ දැක්වේ.
1. රජයේ ක්‍රියාකාරීත්වය වැඩි කර ගැනීම සඳහා සමිති සමාගම් දියුනු කිරීම.
Ø රජයේ කාර්යාල වල පුද්ගලයින් මෙම social capital වලට ගොඩක් නැඹුරු නෑ.ඒ වගේම ඔවුන් කැමති නෑ මහජනයාගේ ගැටලු වලට සවන් දීල ඔවුන්ට උදව් කරන්නට.සමිති සමාගම් වල සිදුවන්නේ මෙහි විරුද්ධ පැත්ත. මේ නිසා සමිති සමාගම් වල හැකියාව දියුනු කල යුතු වෙනව.
2. සහයෝගයෙන් ප්‍රශ්ණ විසඳා ගැනීම සඳහා ඇති හැකියාව වැඩි කර ගැනීම.
3. නවීකරණය වීම සඳහා පහසුකම් සැලසීම.
Ø මෙය මගින් පුද්ගලයින් අතර අන්තර් බන්ධනය ඇති වීමට හේතුවක් වේ.
4. තොරතුරු වල දෝශය අවම කිරීම.
Ø මෙහිදී තොරතුරු වල වලංගු භාවයේ පරසය වැඩි වීමක් සිදු වෙනවා.එයින් මෙම යාන්ත්‍රණයේ නිමවුම, කීර්තිය ආදිය ඉහල නැගීමක් සිදු වෙනවා.
5. රක්ෂණයේ අවිධිමත් භාවය වැඩි වීම.
මී ට අමතරව, මම සිතන විදිහට Social Capital එකක් ඇති කර ගැනීමට සහ පවත්වා ගැනීමට ප්‍රධාන වශයෙන් කරුණු දැනගත යුතු කරුනු කීපයක් පහත දැක්වේ..ඒව නම්,
1. Be with him
ඔහුත් සමග ඉන්න.
2. Help him
හැකි සෑම වෙලවකම උදව් කරන්න.
3. Touch his heart
ඔහුව ලඟින් ආස්‍රය කරන්න.
මෙම කරුණු කිහිපය සම්පූර්ණ වන විට ඔබට පහසුවෙන්ම Social Capital එකක් ගොඩනගා ගැනීමට හැකි වේවි.

1 comment: